අප සාමාන්‍යයෙන් දන්නේ විවිධ විද්‍යුත් උපකරණ එක් වී පරිගණකය සැදී ඇති බවයි. ඉලෙක්ට්‍රොන මුල්කරගෙන ක්‍රියාත්මක වන මෙම පරිගණක අභිබවා මේ වනවිට රසායනික පරිගණක නම් කොටසක් සාදෙමින් සිටින බව ඔබ දන්නවද ?
මෙම ක්‍රියාවලියේ මුලිකත්වය ගෙන කටයුතු කරන්නේ stanford university වල මහාචාර්යවරයෙක් වන jerome bonnet මහත්මයයි.ඔහුගේ අලුත් වාර්තා වලට අනුව මේ වන විට ඔහු DNA හා RNA මගින් ට්‍රාන්සිස්ටරයක් නිපදවමින් සිටියි.මෙහි කාර්යමණ්ඩලය පවසන අන්දමට මෙයට මොනිටරයක් හෝ යතුරු ලියනයක් වැනි කිසිම දෙයක් නොමැතිව දත්ත සකස් වීම සජීවී සෛලයක් තුල රසායනික ක්‍රියාවක් මගින් සිදුවන අතර මෙය විශාල දත්ත ගබඩාවක්ද වී ක්‍රියා කරන බවයි.
0 හා 1 යන පරිගණකයේ මුලික සිද්දාන්තය RNA ගලායාමේ රටාවට අනුව සිදුකිරීමෙන් මෙහි දත්ත සැකසුම සිදුවන බවට පවසන stanford කණ්ඩායම මෙම ට්‍රාන්සිස්ටරය රේඩියෝ තරංග පවා අසුවන එමගින් සියලු සෛල ට්‍රාන්සිස්ටර පාලනය වන ලෙස සැකසිය හැකි බව පවසා සිටී.